Wednesday, January 14, 2026

ඈපාට ආන්ඩුවේ උපදේශක තනතුරක් ?

 මේක 1995 අවුරුද්දෙ කතාවක්.. ඒ අපි උසපෙලට ගිය මුල කාලෙ.. උසස්පෙලට හෙවත් අපි 12 වසරට ගිහිං මාසයක් වගේ යද්දි පිට ඉස්කෝලවලින් උසස්පෙලට ධර්මාශෝකෙට එන ලමයි ටිකත් ඕං පංතිවලට එකතුවුනා.. ඒ අල්ලපනල්ලෙ තමයි එවකට දහ තුන වසරේ හිටපු අයියලා ( එහෙම කියමු ඉතිම් 😛)ටිකක් ඉන්ටවල් එක අල්ලලා අපේ පංතිවලට ඇවිල්ලා ඉස්කෝලෙට අලුතෙන් ආපු අයට රැග් කරන්න එන්නෙ.. අපි ඉතිං කාටවත් කරදරයක් නැතුව අයිංසකව බෝපැල වගේ ඉන්න දරුවෝ උනාට ඒ වගේ අසමජ්ජාති වැඩවලට අපේ අනුග්‍රහයක් නෑ.. ඕං ඔය රැග් කෙරුවාවට විරෝධය විදිහට තමයි අපේ පංතිය ඇතුලේදි දහතුන වසරේ අයියලා සැට් එකක් එක්ක වලියක් පැටලෙන්නෙ.. දොලහ G එකට දහතුන වසරෙන් පැනලා නෙලන්න යද්දි දොලහ ආර්ට් එකේ සැට් එකත් වලිය මැද්දට පැනලා දෙපිරිසම සම සමව ගහගෙන සම සමව ගුටිකාලා ඉන්ටවල් එක ඉවර වෙද්දි විසිර යනව.. රැග් සීන් එතනින් අහවරයි..


කතාවට උක්තව ලියන සිද්දිය් එන්නෙ අන්තිමට.. ඕං ඔය රැග් වලියට පහුවදා ඉන්ටවල් එකේ මේ ලියන මම, අපේ කොටා සහ ගයාන් පහලට යද්දි නැවතත් දහතුන වසරේ අයියලා ( එහෙම කියමු ඉතිං) ටික අපි තුන්දෙනාව ඇම්බුශ් කරනව.. සීන් එක් වෙන්නෙ උඩ තට්ටුවේ නිසා පහලට පැනලා බේරෙන්නත් බෑ.. දහයක පහලොවක විතර පිරිසකට එදිරිව අපි තුන්දෙනෙක් ඉතිං මක් කරන්නද කියලා මමනම් ඉතිං වරසැල් වෙන්න ගුටි කන්න හිත හදාගන්නව.. හැබැයි එයාලගෙ ටාර්ගට් එක වෙලා තිබ්බෙ අපේ ගයියව.. පුලුහං හැම විදිහකටම මැදට පැන්නත් උන් වටකරන් නෙලුවෙ අපේ ගයාන්ට පමණයි.. කොටාට එකක් දෙකක් වැදුනා උනාට මටනම් නියපිටින් පාරක් වැදුනෙ නෑ.. ඒකට එක හේතුව වෙන්න ඇත්තෙ එවකට ඇටිකිරිත්තෙක් විතර මට ගහන එක ගැරඬි මරලා පවු ගන්නවා කියලා උන්ට හිතෙන්න ඇති.. අනික් හේතුව අපිව ඇම්බුශ් කරපු කට්ටියගෙන් වැඩිමනක් අයියලා ( එහෙම කියමු ඉතිම්) මම පුද්ගලික්ව දන්න කියන එවුන්..


ඕං විනාඩියක් දෙකක් වගේ කාලය ඇතුලත උන් වටකරන් අපේ ගයියට ගහනවා සහ ක්ශණිකව සෙට්වෙන 12 G කොමර්ස් පංතියේ එවුන් ටිකයි 12 ආර්ට් පංතියේ එවුන් ටිකයි එකතු වෙලා එවෙලෙ අතට අහුවුන දහතුන වසරේ එවුන්ට ඇඬෙන්න රිටර්න් එක දෙනව.. එක අයියා කෙනෙක්නම් අඬාගෙන එයාගෙ අම්ම උගන්න ඉස්කෝලෙට දුවලා අම්මවත් එක්කගෙන ආවා කියහංකෝ ඉස්කෝලෙ ඇරෙන්නත් කලින්.. ටීචර් කෙනෙක් වෙච්චි ඒ අයියගෙ අම්ම ඉස්කෝලෙට ඇවිත් ප්‍රින්සිපල් සර්ගෙ ඔෆිස් එකටත් ගිහිං ලොකු නාට්ටියකුත් පෙන්නුවා එතුමියගේ දහතුන වසරේ පුතාට දොලහ වසරෙ එවුන් වටකරන් ගහලා කියල... 🙈🙈🙈😂😂😂


එදා දවසෙන් වලිය ඉවරයි.. ඊට පස්සෙ තිබුනෙ අපේ ගයියට ගහපු එවුන් ටික එකා එකා හොයලා බීපු මවුකිරි මතක් වෙන්න රිටර්න් එක දෙන එක.. ඒ කිව්වා වගේම එකා එකාට වෙන වෙනම ඒ සබ්බුවත් දුන්නා ආයෙ වලියකට නොයන්නම.. සමහරක් අයට පාරෙදි සහ සමහරුන්ට ඉස්කෝලෙදිම.. සමහරු සර්ලා මිස්ලා ලව්ව ඇප අයදුම් කරපු නිසා එයාලා ගුටි පෝරියල් ලිස්ට් එකෙන් අතෑරිය.. ඕං ඔය සෙට් එකේ හිටපු එක්තරා ඇල්පිටියෙ හාදයෙන් සතියක් දෙකක් විතර ඉස්කෝලෙ එන එක මගෑරියා.. මොකද කියනවානම් එයා ඉස්කෝලෙ එනකල් දොලහ වසරේ මල්ලිලා ටිකක් ගේට්ටු දෙක ලඟම ඔත්තු බලමින් ඉන්න වග දැනගත්තු නිසා...


ඕං ඔය විදිහට සති දෙකකට වඩා කාලයක් ඉස්කෝලෙ එන එක මගෑරපු ඒ අයියා ( එහෙම කියමු ඉතිම්😜) ඕං අන්තිමේ ඉස්කෝලෙ ආවා කියමුකෝ.. ඉන්ටවල් එක හැමෝගෙම අවධානය ලැබෙන වෙලාවක් නිසා අපේ කට්ටිය වැඩ කරන පීරියඩ් එකක මෑන්ස්ව කැඳවනවා කැඩෙට් රූම් එක ලඟ තිබ්බ පිරිම වැසිකිය දිහාවට.. ඒ වැසිකිලියේ තිබ්බ ගන්දස්සාරෙට ගුරුවරයෙක් මලාට ඒ පැත්ත පලාතේ එන්නෙ නෑ... ඕං චූදිතයා යාලුවෙක් සමග පැමිණෙනව.. 12 ආර්ට් එකේ සෙට් එකයි 12 G හෙවත් අපේ පංතියේ සෙට් එකයි, 12 මැත්ස් එවුන් ටිකකුයි 12 බයෝ එකේ එකෙකුයි එවරෙඩී 13 වසරෙ අයියව පිලිගන්න.. මේං බොලේ අර යෝදයා එතනට ආවා විතරයි අපේ එවුන් ඔක්කොම පැනලා මේ යකාව බිම පෙරලාගෙන නෙලන්න පටන් ගත්තා කියහංකො.. රංචුවක් එකතුවෙලා එකෙක් පෙරලගෙන ගහනවා බලන් ඉන්න බැරිම තැන

මම මැදට පැනලා දැං ඇති දෙයියෝ මූට යන්න ඇරපං කිව්වා විතරයි..


පලයං Xx තො පැත්තකට කියලා අපේ ඈපා මට ගැහුවා කියාංකො රොම්බ කම්මුල් පාරක්... මං හිතන්නෙ අපිට සිංහල කරපු සුමිත්‍රා මිස් මට ගහලා තියන කම්මුල් පාරවල් සේරෝටම වඩා ඒ එක කම්මුල්පාර සැරයි..

 මං ඉතිං ඈපට කිව්වා ඕකට ගහන්න එපා බං පවුනේ දැං ඇති කියලත්.. ඒ වගේම මම කිව්වා රංචුවක් එකතුවෙලා එකෙකුට ගහන එක හරි නෑ නේද කියලාත්.. ඕං එතකොට ඈපා මට ආයෙම පිට මැද්දටත් හතරක් විතර නෙලුවා කියහංකො.. 


තෝ දැං මූට ගහන්න එපා කියනව.. සති දෙකකට කලින් තොපි තුන්දෙනාට මුං වටකරන් ගහද්දි මුන් ලඟ ඒ මනුස්සකම තිබ්බෙ නෑනෙ.. ඒ නිසා මුන්ට ආයෙම රිටර්න් එක දෙනකොට අපිත් අපේ මනුස්සක්ම් මුන්ට පෙන්නලා වැඩක් නෑ... මුන් තිරිසන්නු.. රංචුවක් වටවෙලා තුන්දෙනෙකුට ගහද්දි මුං සාධාරණේ අසාධාරනේ ගැන හිතුවෙ නෑනෙ p කෝ..

 ගැහුවනම් ගහපං ඒ විදිහටම.. නැත්තං ආයෙම චාන්ස් එකක් ආවොත් ඊලඟ පාර මුං උඹලව මරනව.. තොට  මේක බලන් ඉන්න බැරිනම් තෝත් මෙතන මැරුම් නොකා පංතියට පල.. 


උක්ත දහතුන වසරේ රැග් අයියාට ඇති වෙනකල්ම ගුටි ඇනලා එදා අපේ එවුන් ටික රැග් වලිය අවසන් කරා.. එතැනින් එහා දහතුනේ අයියලා (එහෙම කියමු ඉතිම්😋) ඒ ලෙවල් කරලා ඉස්කෝලෙන් යනකල්ම 12 වසරෙ අපි එක්ක පැටලෙන්න ආවෙ නෑ.. 

උන් කරපු වැඩේ වැරදිවුනත්, උන් අපිට වටකරන් ගහුවා වුනත්, උන්ගෙ හැම එකාටම එකා එකා තනියම අල්ලලා වටකරන් ගුටි ඇනපු එක ගැන මටනම් අදත් ආඩම්බරයක් නෑ... It is a disgusting feeling.. ඒ උනාට ඈපා මට මෙගා සයිස් කම්මුල් පාරක් ගහලා පිට මැද්දෑවටත් තුන හතරක් ඇනලා  දීපු අවවාදය සහ කියලා දීපු සර්වලෝක තියරිය ලෞකික ජීවිතය ඇතුලේ ලෝක විනාශය දක්වාම  වැලීඩ් කියලයි මට හිතෙන්නෙ..


ප්‍රහාරය අශිශ්ඨනම් ප්‍රති ප්‍රහාරයත් අශිශ්ඨයි කියලා වර්ථමාන ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න කලින් කොහේදෝ කියනවා මම අහලා තියෙනව.. හොරු අල්ලන්න ගිහිං ආන්ඩුව තැවෙන තැවිල්ල දැං අවුරුද්දක් විතර බලන් හිටියා නේදෝ කියලා හිතද්දි අපේ ඈපා මට කියලා දීපු සර්වලොක තියරිය මතක්වුනා.. 

ඈපා මේ වෙද්දි ඉන්නෙ කැලිෆෝර්නියාවෙ.. ඈපා ලංකාවේ හිටියනම් මම ඈපව යවනවා ජනාධිපතිතුමාටයි ආන්ඩුවටයි මීටින් එකක් තියලා ඒ අවවාදෙම දීලා වරෙන් කියල.. ‍රටක් කරද්දි සිද්දවෙන සමහර අසාධාරනකම් ජයගන්න ආන්ඩුවක් ඇතුලේ ඈපා වගේ එවුනුත් ඉන්න ඕන කියලයි මගේ කියැවීම..


( දැං ඉතිං මගේ බුකියෙ ඉන්න 95 AL කරපු අයියලා සැට් එක ලොකුවට රිදෝගන්නවා එහෙම නෙවෙයි ඕං.. ඔය රැග් වලිය මැද්දට පිහි කොටයක් අරගෙ පැනලා උන්දැගෙම අත කපාගත්තු අයියා කෙනෙකුත් මේකෙ ඉන්නව🤩🤩🤩.. ආදරෙයි පැලෙන්න උබලා හැමෝටම ❤️❤️❤️)

Sunday, January 4, 2026

31 රෑ නරි නාටක..

 ඒ කාලෙ මම හිතන්නෙ වර්ශ 2000 දශකයේ මුල් කාලෙ වෙන්න ඕන.. මම බෑන්ඩ් එකෙන් අයින් වෙලා පූර්ණකාලීන රජයේ සේවකයෙක් වෙලා අම්බලන්ගොඩ කොලඹ යන එන කාලෙ.. උදේට 4.40 මේල් එකේ ගිහිං හවසට සාගරිකාවෙ ගෙදර ආපු කරුමෙ ගැන මතක් වෙද්දිනම් ඉතිං දැනුත් ඇඟේ ලේ වතුර වෙන තරම්.. ඒ කාලෙ ජීවිතේ සැපක් කියලා වින්ඳනම් ඉතිං සාගරිකාවෙ සෙකන්ඩ් ක්ලාස් එකේ හවසට යන නින්ද විතරමයි.. අනික්වා ඉතිං සේරෝම දුක්.. 


ඕං ඔය කාලෙ කවුදෝ අසමත්ජාතියෙක් මගේ කරේ එල්ලපු මරාලයක් තමයි මොන්ටසෝරි කොන්සර්ට් කරුමෙ.. කීබෝර්ඩ් එක ප්ලේ කරන්න පුලුහං නිසා මොන්ටසෝරි කීපයකින් මාව හොයාගෙන එනවා අවුරුද්ද අන්තිම වෙද්දි.. අනෙ අම්මේ ඉතිං ඔය ටීචර්ලා අපේ ගෙදර ගේට්ටුව ලඟින් ත්‍රීවීල් එකකින් බහිනවා දැක්කාම ඉතිං මට මූත්‍රා යන්නෙ නැති ටික විතරයි... හරියටම කියනවනම් මාස ගානක් පොලියට පොල්ල තියපු එකෙක්ව හොයාගෙ පොලී මුදලාලි ගෙදරටම ආවා හා සමානයි.. ටීචර්ලා එන්නෙත් ඉතිං අඩුම තරමේ කේක් ගෙඩියක්වත් ඔතාගෙන නිසා නෑ බෑ කියලා එලෝගන්නත් බෑ.. ඔය කොන්සර්ට් වැඩේ අවුරුද්ද පුරාම නැති නිසා යාන්තමට කොන්සර්ට් එකක් ඉවරවුනාම ඊලඟ අවුරුද්දෙනම් පොල්ල තියනවා තියනවාමයි කියලා හිතුවට මාස කීපයක් ගතවෙද්දි ඕක මොලේට අමතක වෙනව... ආං ඒ නිසා තමයි මොන්ටසෝරි මරාල ගේට්ටුව ලඟ ත්‍රීවීල් එක නවත්තද්දි මාව අතටම මාට්ටු වෙන්නෙ.. ටීචර්ලත් ඉතිං සී අයි ඩී දාලා හොයලා මාව ගෙදර ඉන්න වෙලාවම හොයාගෙන එනවදෝ කියලත් හිතිලා තියෙනවා මං ඉතිං නිවාඩු පාඩුවේ ගෙදර් ඉන්න ඩෑල් එකක් නොවෙන නිසා...


එතැන් පටං ඉතිං හැම වීකෙන්ඩ් එකේම පොඩි උන්ට සිංදු කියන්න නටන්න ගයන්න මට කීබෝර්ඩ් එක ප්ලේ කරන්න වෙනව.. වැඩේ බාර දෙනකොට ටීචර්ලා කියන්නෙ අනේ මල්ලි ඉල්ලන ගානක් දෙන්නම් මේ වැඩේ කරලා දෙන්න කියලා වුනාට මං ඉතිං කවදාවත් එයාලගෙන් සල්ලි අරගෙන නෑ.. කොන්සර්ට් එක දවසට ඉතිං මටත් පොඩි එවුන්ගෙන් තෑග්ගක් හම්බ වෙනව.. බොහෝ වෙලාවට ඉතිං කමිසයක් කලිසමක් තමා.. පෝරිසාදයෝ විස්සක් තිහක් එක්ක ඒ විඳින දුකටනම් ඉතිං හමීඩියා එකේම තියන කලිසම් කමීස දෙන්නම් කිව්වත් මටනම් ඒ ගිග් එක ඕන නෑ.. කරුමෙට ඉතිං අද වෙනකල් සුවකරගන්න බැරි අසනීපෙ ඉතිං බෑ කියන්න දිව නැමෙන්නෙ නැතිකම..


ඊයෙ ජනවාරි පලවෙනිදා අපිට නිවාඩු.. ලංකාවෙ නැතිවුනාට ලෝකෙ රටවල් බහුතරයක ජනවාරි පලවෙනිදා කියන්නෙ හැමෝටම නිවාඩු දවසක්.. මම හිතන්නෙ ජීවත් වෙන්න රස්සාවල් කරන රටවල ජනවාරි පලවෙනිදා නිවාඩු.. රස්සාව කරන්න ජීවත්වෙන රටවල ජනවාරි පලවෙනිදා අනිවාර්‍යෙන්ම වැඩට යන්න ඕන දවසක්.. ජනවාරි පලවෙනිදා ඕං උදේ දහයට විතර ඇහැරිල කිරිබත් කෑල්ලක් (මොන කෑලිද බං.. තඩි කිරිබත් පිඟානක්.. අනාගෙන කන එකේ ආයෙ මක්කටෙයි කෑලි කපන්නෙ) එහෙම කාලා ඉස්මුරුත්තාවෙ ටීවී එක ඉස්සරහ ඇලවෙලා ඉන්න අල්ල පනල්ලෙ ඕං ඉතිං යූ බටේ එකදිගට ප්ලේ වෙනව..  මාත් ලංකාවෙ උපන් හිංහල එකෙක් කියලා යූ බටේ ඇල්ගොරිදම් එක දන්න නිසා ඌ ඉතිං මාව ඉම්ප්‍රෙස් කරන්නද මන්දා දෙසැම්ම්බර් 31 රෑ ලංකාවෙ චැනල් ටිකේ පෙන්නපු නලු නිලි හුරතල් ටික එක දිගට පෙන්නනව.. එක චැනල් එකක ගිය එක සිංදුවක්වත් මම උපන්තේකට අහලා නෑ... ඊලඟ චැනල් එකේ කොස්ටියුම් ලස්සනයි... ලයිටින් ලස්සනයි... බැග්‍රවුන්ඩ් ලස්සනයි.. හැබැයි තුනම එකට එකතුවුනාම G හැත්තෑවයි... තව චැනල් එකක් එවුන්ගෙ සමහර සිංදු හොඳයි.. සමහර එව්ව බලන් ඉද්දි සිංදු කියන එවුන්ගෙ කටවල් හෙල්ලෙන තාලෙට යන සිංදු නෙවෙයි ප්ලේ වෙන්නෙ.. මම අනුමාන කරන්නෙ යූ බටේ කොපිරයිට්ස් අල්ලන නිසා සමහර සිංදු වෙනුවට වෙනත් AI සිංදු ඔබ්බලා අපිව රවටලා.. චැනල් වලින් නිරමාණකරුවන්ට කොපිරයිට්ස් ගෙව්වෙ නැති නිසාත් නිර්මාණකරුවන් කොපිරයිට්ස් ඉල්ලලා සංගම් හදාගත්තු නිසාත් දෑං ඉතිං අන්තර්ජාලය ඇතුලේ චැනල් හරහා තවදුරත් ඔරිජිනල්ස් අහන්න වෙන්නෙ නෑ... දෙගොල්ලන්ගෙම කොපිරයිට්ස් වලිය නිසා අපිට බලන් ඉන්න නැටුම නටන සිංදුව නෙවෙයි අපිට කනට අහන්න ලබෙන්නෙ... ඒ ඔක්කොමත් හරි කියමුකෝ... ඒ වගේද  නැටුම්.. ආං ඉතිං බලනවනම් නැටුම්..


මොම්ටසෝරි කොන්සර්ට් වැඩේ ඉතිං ටිකක් අමාරු වැඩක්.. පොඩි එවුන් විස්සක් තිහක් පිලිවෙලකට සිංදුවක් කියන්න පිලිවෙලකට නර්ථනයක් කරන්න අඩුම තරමේ මාස දෙකක්වත් පුරුදු කරන්න ඕන.. කරුමෙ කියන්නෙ මාස ගානක් පුරුදු කරලත් ඉතිං බහුතරයක් පොඩි එවුන් කොන්සර්ට් එක වෙලාවට නටන්නෙ උන්ට අර මාස ගානක් පුරුදු කරපු නැටුම නෙවෙයි උන්ගෙම වෙනත් එකක්.. 

චැනල් සේරොගේම නැටුම් ටික බලන් ඉද්දි මට මතක්වුනේ මම මියුසික් කරපු මොන්ටසෝරි කොන්සර්ට් ටික.. අපරාදෙ කියන්න බෑ නලු නිලියො ටිකයි ඩාන්සර්ස්ලා ටිකයි නටනවා නැටිල්ලක් මොන්ටිසෝරි කොන්සර්ට් එකකට වඩා ලොකු වෙනසක් නෑ...  


කිරිබත් මතට ඉතිං මටත් තැනින් තැන නින්ද ගියා..  එකපාරක් ඇහැරිලා ටීවී එක දිහා බලද්දි  දැකපු දෙයක් නිසා මම ටීවී එක නිමල දැම්ම.. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි.. ඔව්වයෙ පෙන්නන ජුගුප්සාජනක දේවල් බලලා ජනවාරි පලවෙනිදා හා හා පුරා කියලා කාපු කිරිබත් පිඟානත් වමනෙ දාලා බැරි නිසා..  දැකපු දේ ඉතිං ලියලත් බෑ නොලියත් බෑ.. ලා නින්දක් ගිහිං ඇහැරිලා ටීවී එක දිහා බලද්දි මේං ජැකාගෙ ලොකු එකා හීනි ජංගි කොටයක් විතරක් ගහගෙන ගෑනු රොත්තක් වටකරගෙන මා දිහාට කකුල් දෙක පලල් කරන්  අහවල් එක පෙන්නං ඉන්නවා කියහංකො..🤭🤭🤭

Tuesday, October 14, 2025

වෙඩින් හයර් භාරගනු ලැබේ ..

         


        මේ කතාව මීට අවුරුදු විසි පහකට කලින් කතාවක්.. එවකට මං ලඟ තිබ්බෙ නිසාන් කැලිෆෝනියා වැගන් එකක්.. ඕකට ලඟම යාලුවො කිව්වෙ ෆෝනියා කියල.. එහෙම කියන්න විශේශිතම කාරනය වෙන්න ඇත්තෙ ගනිද්දි තිබ්බ සුදු පාට පේන්ට් එක මකලා මම කහපාටින් පේන්ට් කරපු නිසා වෙන්න ඇති.. මගේ ෆෝනියා මේ වෙද්දිත් ලංකාවෙ කොහේ හරි අස්සක මුල්ලක තාමත් දුවනවා ඇති මගෙ හිතේ..


        ඕං සිකුරාදා දවසක හන්දෑවක ටිකක් විතර දුරින් යාලුවො දෙන්නෙක් එනව මාව හොයාගෙන ගෙදරට.. ඒ කාලෙ සිකුරාදා හවසට ගෙදරදි මාව හමුවෙන එක ඇමතිකෙනෙක් හමුවෙනවට වඩා අමාරු වැඩක් උනාට මෑන්ස්ලා දෙන්නගෙම වාසනාවට ඒ වෙලාවෙ මම ගෙදර හිටිය.. කතාවෙන විදිහට මෑන්ස්ලා හෙට හෙවත් සෙනසුරාදා වේයන්ගොඩ මගුල් ගෙදරක යන්න හිටියාය ඒ යන්න හිටපු වාහනේ අවුලක් වෙලාය පුලුවනිනම් මගේ කාර් එකේ වේයන්ගොඩ ගිහිං බස්සලා එන්න පුලුවනිද කියලා අහන්න තමා මෑන්ස්ලා ඇවිත් තිබ්බෙ.. එදත් අදත් තියෙන ලොකුම දුර්වලකම විදිහට බෑ කියන්න බැරිකම නිසා මාත් ඉතිං හා එන්නං කියලා කීව..

        උදේ පහමාර වෙද්දි ගෙදරට වරෙං කියලා කිව්වාම ටිකක් විතර අමුත්තක් දැනුනට ඔන්නොහේ නොදන්න එවුන් නොවෙන නිසා මාත් පහුවදා පාන්දර අතට අහුවෙච්ච එකක් ඇඳගෙන යනවා අරුන් දෙන්නව වේයන්ගොඩට බස්සන්න.. මේ කියන මිත්රයාගෙ ගෙදරට ගියාම තමයි මට වැඩේ තේරෙන්නෙ.. බැලින්නම් ගෙදර ඔක්කොම මගුල් ගෙදර යන්න ලෑස්ති වෙලා.. ගමෙන් භාගයක් වගේ ඉන්නව ගෙදර මිදුලෙ හොඳට ඇඳපැලඳගෙන.. ලේලන්ඩ් කොටේකුත් ඈතින් නවත්තලා තියෙනවත් පේනව..මාත් ඉතිං කාර් එක යාලුවගේ ගේ ලඟ නවත්තලා එතන හිටපු දන්න කියන මනුස්සයෙක් එක්ක පොඩ්ඩක් කතාබහ කරලා මුට්ටිය දාලා පාරට ඇවිල්ලා බැලින්නම් මේං මගේ කාලිෆෝනියා එකේ සුදු පාට ක්රේප් පටි ඇදලා ඉස්සරහින් සුදු පාට මල් පොකුරකුත් ගහල.. බැලින්නම් වේයන්ගොඩට බස්සලා එන්න කියපු මගේ යාලු එකාගෙ වෙඩිමලු එදා.. මට එන්න කියලා තියෙන්නෙ මගුල් කාර් එක විදිහට යන්න.. ඒ කියන්නෙ මම කාලා තියෙන්නෙ දාර ලණුවක්.. දැං ඉතිං මොකෑ කරන්නෙ කියලා ඔන්නොහේ මනමාලයයි දෙවැනි එකාවයි දාගෙන මම එතැනින් පිටත්වුනා.. රතිඤ්ඤා එහෙමත් පත්තු කරා පිටත් වෙද්දි.. මනමාලයා කිව්වට උගේ විසේසයක් නෑ.. නිකම් කලිසමක් සහ කමීසයක් පමණයි.. දෙවැනි මනමාලයත් එමමයි.. කෝට්බෝට් ඩිකියෙ...කේන්තිය දාගන්න අහක් නැති නිසා මම ඉස්සෙල්ලම කරේ උගේ ගෙදරින් මීටර් සීයක් දෙසීයක් විතර ඉස්සරහට ඇවිල්ලා අයිනෙන් නවත්තලා දෙන්නටම කන්වල ඇඟිලි ගහගන්න සිංහලෙන් අමතපු එක.. ඕං එතකොට තමයි කියැවෙන්නෙ මගුල් කාර් එකක් ඕන නෑ කියල හිතලා ලේලන්ඩ් එකේම මනමාලිව කැන්දාගෙන එනවා කියලා හිතාගෙන හිටියාට ඉතිං මගේම ලඟම මිත්රයෙක් මාව වැඩේට කැඳවන්න සුපිරි ප්ලෑන් එක දුන්නා කියලා. එතැනින් එහා මට ඉතිං මුං දෙන්නව මග දාලා යන්නත් බෑ.. ඒත් කහපාට ගාපු කැලිෆෝර්නියා එකකින් මගුල් ගමනක් යන්නත් බෑ.. මට ඒ වෙලාවෙ ඔලුවට ආවෙ අපේ බාප්පගෙ B11 කාර් එක.. ඒක සුදු පාටයි.. ඉස්සෙල්ලම කරේ මගේ කාර් එකේ තිබ්බ සුදු පාට ක්‍රේප් පටියි මල් පොකුරුයි ඔක්කොම ගලවලා ඩිකියට ඔබපු එක.. ඊලඟට මනමාල ඩබල එක්ක බාප්පලාගෙ ගෙදරට.. අරුන් දෙන්නව මගින් බස්සලා මල් පොකුරු කෝට් බෝට් ඔක්කොම එතන තියලා බාප්පලාගෙ ගෙදරට ගිහිං මගේ ෆෝනියව එහේ දාලා බාප්පගෙ බී 11 එක අරගෙන එන්න බාප්පට සෑහෙන්න බොරු ප්රමාණයක් කියන්න උනා.. වරුවෙන් ගේනවා ගෙනිච්චා වගේම සුදෝ කියලා පොරොන්දු වෙලා වදෙන් පොරෙන් බාප්පගෙ කාර් කටුව අරගෙන එනකොට මනමාල ඩබල ඉන්නවා කෝට් බෝට් මල් පොකුරු අතිං කටිං එල්ලගෙන බෝක්කුවක් උඩ.. මම නාවනං උන් තාමත් එතන කියලා හිතෙද්දි අදත් පනයන්න හිනා..

        ඉන් පස්සෙ ඉතිං බාප්පගෙ වන්ඩියෙන් කෙලින්ම අම්බලන්ගොඩ සිට වේයන්ගොඩට.. ඒ කාලෙ හයිවේ නෑ.. ගාලු පාරෙ තමා ඉතිම්.. ඊලඟට මනමාලිගෙ ගෙදරට කිලෝමීටර් පහක් විතර දුරින් කාර් එක නවත්තලා අර ගලවපු ක්රේප් පටියි මල් පොකුරුයි බප්පගෙ කාර් එකේ එල්ලනව.. මනමාල ඩබල පාර අයිනෙ ඉඳන් කෝට් බෝට් දානව.. හැබැයි සූටි ප්රශ්ණයක්.. තුන්දෙනාගෙන් එකෙක්වත් දන්නෙ කියහංකෝ ටයි ගැටේ ගහන්න.. දන්න කියන හැම විදිහකටම ට්රයි කරලත් බැරිම තැම අපි තීරණය කරනවා විදේශ ආධාර පතන්න.. එතැන් පටන් එතැනින් පාරෙ යන හැම කෙනෙකුගෙන්ම අහනවා ටයි ගැටේ ගහන විදිහ.. ඒත් ඉතිං ම්හ්.. අන්තිමේ මට ඈතින් පේනවා ගෙදරක ගෑල්ලමයෙක් මිදුල අතු ගානව.. මං ඉතිං කෝකටත් කියලා අරුන් දෙන්නව කාර් එකේ දාගෙනම ඒ ගෙදර ලඟ නවත්තලා ඒ ගෑල්ලමයගෙන් ආධාර පතනව.. ඉස්සෙල්ලම ඉතිං භයෙන් බිරාන්ත උනාට පස්සෙ සම්පූරං සිද්ධිය කීවාම ඒ ගෑල්ලමයා ටයි ගැටේ ගහලා දෙන්න එකඟ වෙනව.. ඕං කොහොමින් කොහොම හරි ටයි ගැටේ ගහලා දීලා අපිට ප්ලේන්ටියකුත් හදලා දෙනවා ඒ ගෙදර මිනිස්සු..

        ගමෙන් ආපු ලේනඩ් කොටෙත් ඟාති වරිගයා එක්ක එතනට ආවාම ඕං මම අරුන් දෙන්නවත් දාගෙන මගුලට සෙන්දු වෙනව.. මගේ පොරොන්දුව මගුලට බස්සන එක විතරයි උනාට ඉතිං මට හිතෙනව අලුත බැඳපු එවුන් දෙන්නව ලේනඩ් එකේ ගමට ගේන්න අරින එක මගේ මනුස්සකමට හරි නෑ කියලා.. වරුවෙන් ගෙනත් දෙනවා කියලා ඉල්ලන් ආපු බාප්පගෙ කාර් එක ආපහු වෙලාවට දෙන්න ඕන කියන කාරනය ඇරුනාම වෙනත් ප්‍රශ්ණ නැති නිසා මමත් ඔන්නොහේ පොල් වත්තක් අයිනෙන් ඇලර්ට් එකක් දාගෙන ඉඳලා හවස මංගල ජෝඩුවත් අරගෙන ආයෙම ගමේ එනව..

බාප්පගෙන් ගුටි නොකා බේරෙන්න ඉතිං දාහක් බේගල් කියන්න උනා.. ඒත් ඉතිං ඕං ඔයයිගෙ B11 එක වෙඩින් හයර් එකක් ගියා මේං හයර් එක කියල දාහෙ කොල දෙකක් මිට මෙලෙව්වාම උදහසින් ටිකක් විතර බේරුනා.. මෑන්ස්ගෙ පස්ට පරන B11 එක වෙඩින් හයර් එකක් ගියා කිව්වම මෑන්ස්ට පස්සෙ හෙන සතුටුයි.. පස්සෙන් පහුත් කිව්ව තව වෙඩින් හයර් එහෙම ආවොත් ගන්න කියලත්.... පැස්ටොල් ටික විතරක් ගහපං කියලා ගිහිපු ගමනක මොන හයර්ද බං.. අනික ඒ කාලෙත් B11 එකක ආවොත් මනමාලිත් මට තවුසෙ එක්ක එන්න බෑ කියන තරමට B11 එක අවුට් ඔෆ් ෆැශන්. ඒ කියලා ඉතිං ඒ දාහෙ කොල දෙකත් මට අතිං කයිට් කියලා බාප්පට කොහොම කියන්නද.. ඕං ඔහොමයි අතිං කයිට් වෙන්න යාලුවෝ අපිව ඇන්දුවේ..
( බලපිටියෙ ඉස්පිරිතාලෙට අරන් යන්නෙ කියලා ලෙඩෙක් වාහනේට දම්මගෙන උපක්‍රමශීලිව කලුබෝවිලට බස්සගතපු යාලුවෙකුත් ඉන්නව ඉතිං.. එව්වනං ඉතිං හද්දා කපටිකම්..)

Wednesday, October 1, 2025

ගිගිරි නගින බෙලුකටු

 😠


මේක අසූව දශකයේ මැදභාගයේ කතාවක්..

        එවකට මම දේවානන්ද විද්යාලයේ එක වසරේ හෝ දෙක වසරේ කියලයි මතක.. එකේ දෙකේ ඇච්චො බැච්චො උනාම ඉතිං ඒ ඉස්කෝලෙම අයියලා අක්කලා ඉන්නවනම් එයාලගෙන් සූටි පහේ ආරක්ශාවක් රැකවරණයක් ලැබෙන එක ස්භාවිකයි නෙව.. මටනම් ඉතිං ඒ ඉස්කෝලෙ අයියලා අක්කලා ඉල්ලෙ.. මොකෙක්වත් නැති නිසා ඉතිං බල්ලො පූසොත් ටොකු ඇනලා යන ලෙවල් එකෙන් මම අඥාතයි කුජීතයි.. එහෙම උනා කියලා අනාතම කියලමත් නෑ ඉතිං.. කාගෙන්වත් ගුටි නොකා ඉන්න ඕන නිසා අපේ සීය පොලිසියේ කියලා හරි ශේප් කාර්ඩ් එක ගහගන්නව.. සීයලා දෙන්නම මට වයස අවුරුද්දක් වෙද්දිම මියපරලොව ගිහිපු නිසා ඒ දෙන්නා සුදුද කලුද කියලත් මම දන්නෙ ෆොටෝ කෑල්ලකින් විතරක් වෙච්චි.. ඒත් ඉතිං එව්ව ඉස්කෝලෙ කොල්ලො දන්නෙ නෑ.. තාත්ත පොලිසියේ කියන්න බෑ තාත්ත හැමදාම උදේට වැඩට යන ගමන් මාව ඉස්කෝලෙ ලඟට ඇරලවන නිසා..

        ඕං ඔය විදිහේ වාතාවරණයක් යටතේ අමාරුම කාරයන් හතලිහක් හතලිස් පහක් ඉන්න පංතියක ඉන්ටවල් එක කියන්නෙම පංතියේ ඉන්න එවුන්ගෙ අයියලා අක්කලා තමුන්ගෙ මල්ලිලා බලන්න එන වෙලාව.. එවකට මම හිටපු එෆ් පංතියේ හිටියෙ කොල්ලොම විතරයි.. අපරාදෙ කියන්න බෑ හෝඩියේ ඉඳන් පහ වසරට ගිය දේවානන්දෙ යාලුවොත් අද වෙද්දි රට හැමතැනමත් ලෝකෙ හැමතැනමත් ඉන්නව අඩු නැතුව..
        
        මෑන්ස්ගෙ නම හසන්ත.. හසන්ත කිව්වට හසන්තමත් නෙවෙයි.. ඊට ආසන්න නමක්.. ඇත්ත නම ලියන එක හරි නැති නිසා එව්ව මෙහිලා ලියලා බෑ.. හසන්තගෙ අක්කත් ඒ ඉස්කෝලෙමයි.. මතකෙ හැටියට අපිට වඩා අවුරුදු හතක් අටක්වත් වැඩිමල් ඇති.. ඒ අක්කා මල්ලිට කොච්වර ආදරේද කියනවනම් ඉන්ටවල් එකට පංතියට ඇවිත් මල්ලිට කවලා පොවලා නාවලා කොන්ඩා පීරලා පවුඩර් දලා සූ දාන්නත් එක්කං ගිහිං තමයි ආයෙ එයාගෙ පංතියට යන්නෙ.. අපිව බලන්නනම් ඉතිං එන්න බල්ලෙක් පූසෙක්වත් නැති නිසා අපි ඉතිම් ඒ ලොකු එවුන්ගෙ ලොකු සීන් බලාගෙන පාඩුවේ ඉන්නව.. ඉන්නවා කිව්වට ඉන්න වෙනව..

        ඕං දවසක් සුපුරුදු විදිහට ඉන්ටවල් එක උදාවුනා.. ඒක මහා භයානක දවසක්.. සිද්දිය අද මතක් වෙද්දිත් කකුල් දෙක හිරි වැටීලා ගිහිං මහා භයානක හැඟීමක් ඔලුවට එනව.. හසන්තගෙ අක්කයි යාලුවෝ දෙන්නෙකුයි ඇවිත් ඕං හසන්තයාට කවනවා පොවනවා අතගානවා කොන්ඩෙ පීරනවා එක හුරතලයයි.. අක්ක අපිට වඩා හතකින් අටකින් වැඩිමහල් නිසාද වෙන්න ඇති ඉතිං හුරතලේ.. ඕං ඉතිං කවලා පොවලා නාවලා පුයර දාලා කොන්ඩෙ පීරලා අක්කලා සැට් එක හසන්තයාව සූ දන්නත් එක්කම් ගියා කියමුකෝ.. ඉන්ටවල් එක ඉතිං ලොකු වෙලාවක් නැති නිසා අපිට ඉතිං හසන්තයා ගැනත් ලොකුවට නිනව්වක් නෑ.. හැමදාම සිද්දවෙන බේබි සිටිං නිසා අක්කලා ඇවිත් හසන්තයාට කවන පොවන එක අපිට ලොකු මැජිකුත් නෙවෙයි.. ඕං එක පාරටම ඉන්ටවල් ඉවරවෙන බෙල් එක වදිනව.. ඒ එක්කම ඇච්චි බැච්චො යන ටොයිලට් එක පැත්තෙන් ඉස්කෝලෙම උලු බිමට වැටෙන සද්දෙට පොඩි එකෙක් කෑ ගහනව.. ස්ටාෆ් රූම් එකේ හිටපු ගුරුවරුයි ලොකු අයියලා වගේකුයි ඒ සද්දෙට ඒ පැත්තට දුහනව.. අපිට ඉතිං දුවන්න කියලා අතක් නෑ.. බිල්ලෙක් ඇවිත් ඉස්කෝලෙ ලමයි අල්ලන් යන්න හදනවාවත්ද කියලා හිතුනට ඉතිං බිල්ලෙකුට උනත් ගෝනියක ඉස්කෝලෙකම ඉන්න ලමයි දාගෙන යන්න බැරි නිසා කුතුහලය ඇරුනාම මටත් ඉතිං ලොකුවට භයක් දැනුනෙ නෑ.. කරෝල වාඩියක වැඩට උනත් අරං යන්නෙ අත පය හතර ටිකක් ලොකුවට මහතට තියෙන එවුන් නිසා මං වගේ කෙංචි නාට්ටෙකුට බිල්ලෙකුගෙන් උනත් ලොකුවට අවධානමක් නෑ..

        ඕං ටික වෙලාවකින් ගූරුවර ගුරුවරියන් ගොඩාක් වටවෙලා හිටපු ටොයිලට් එක ඇතුලෙන් හසන්තයාව උස්සන් එන්නෙ පිරිමි ගුරුවරයෙක්.. හසන්තයාගෙ අක්කත් යාලුවො ටිකත් අඬ අඬා ඒ පස්සෙන් දුහනව.. අපේ පංතියේ හිටපු, කට ඇරියොත් බොරු කියන සකලසිරී කියන්නෙ හසන්තයට ටොයිලට් එක ඇතුලෙ ඉඳලා නයෙක් ගහලා කියල.. හද හදා හොල්මන් කතා කියන ප්‍රසන්නයා කියන්නෙ දවල් බැදුම් කාලා ටොයිලට් ගිහිං එකේ හිටපු යකා හසන්තයට ගහල කියලා.. තව එකෙක් කිව්වෙ ටොයිලට් එකට උඩින් තියන දෙල් ගහේ ගෙඩියක් හසන්තයාගෙ ඔලුවට වැටීලා කියල.. තව එකෙක් කීවෙ හසන්තයාට පපුවෙ හිලක් නිසා ඒකට අමාරු වෙලා කියල.. ඔය වගේ දාහක් විය හැකි දෑ ඇහෙන් දැක්කා වගේ කියන විස්සක් තිහක් කොල්ලො විවිධාකාර මත පල කරද්දි අපේ පංතිභාර ටීචර් ඇවිත් වෙලා තියෙන දේ අපිට නොකියාම හසන්තයාගෙ පොත් බෑග් එක අරගෙන යනව.. ඕං එතැන් පටං අර කලින් කයි කතන්දර කීව එවුන්ගෙන්ම එකෙක් කියනවා හසන්තයා ඉස්පිරිතාලෙ ගෙනියද්දි මැරිලලු.. ඉස්කෝලෙන් ගෙනියද්දිත් මැරීලා කියලත් තව එකෙක් කියනව.. ඒ අස්සෙ අද ඉස්කෝලෙ ඇවිත් තියෙන්නෙ ඊයෙ මැරිච්ව හසන්තයාගෙ හොල්මන කියලත් ප්‍රසන්නයා කියනව.. උගේ මාස ගනන් කියලත් ඉවර නොවෙන හොල්මන් කතා වටවෙලා අහන් ඉන්න අපිට ඉතිං ඒකත් ඇත්තවත්ද කියලත් හිතෙනව..

        හසන්තයාගෙ ඇත්ත නම මේකෙ කොමෙන්ට්වල ලියලා මාව උසාවිනම් යවන්න එපා යාලුලා ඕං.. කරගන්න පුලුවන්කම තියාගෙන තමුන්ගෙ වැඩේ අනුන් ලව්වා කරගන්න ගියාම ඉතිම් හසන්තයාට වෙච්චි දේ වෙන්න තියන සම්භාවිතාවය වැඩියි.. ආදරේ වැඩිකමට දරුවන්ගෙ සහෝදරයන්ගෙ යාලුවන්ගෙ සරීරකෘත්යයත් කරවලා දෙන්න ගියාම එව්වගෙ භයානක ප්‍රථිපලවලට මූන දෙන්න සිද්ද වෙනව ඉතිම් අකමැත්තෙන් උනත්..

    එදාම ඉතිං විස්තරේ හොයාගන්න බැරිවුනාට ඉතිම් පහුවදා ඉස්කෝලෙ යද්දි සිද්දිය ගැන රොයිටර් වාර්ථා පංතිය පුරාම.. වෙච්ච සිද්දිය රඟපාලා පෙන්නපු එවුනුත් හිටියා ඉතිං.. වෙලා තිබ්බෙ ඇඟ හිරිවැටෙන සීන් එකක්.. හසන්තයා මාසෙකින් විතර ඉස්කෝලෙ ආවා ඉතිම් මුකුත් නොවුන ගානට.. වෙලා තිබ්බ සීන් කෝන් එක මේන් මේකයි..

        ඉන්ටවල් ඉවරයි කියලා බෙල් එක ගහපු ගමන් හසන්තයාගෙ අක්කන්ඩි පංතියට යන්න තියන හදිසියට හසන්තයාගෙ කලිසමේ සිප් එක උඩට ඇදලා.. ඒත් ඉතිං සසර කරපු කරුමෙකට හසන්තයා ඒ වෙලාවෙ ඉඳලා තියෙන්නෙ සූ දාන ගමන්.. ගිගිරි නගින බෙලුකටු නේද පිංවත.. ඒ කෑල්ල ලියද්දිත් මේ දැනුත් මගේ කකුල් හිරි වැටෙනව.